කිරි අම්මාවරු



කළකට පෙර චන්ද්‍රලේකා පෙරේරා ශිල්පිණිය විසින් ගායනා කළ මේ ගීතය දැන් නම් ගුවන් විදුලියෙ ප්‍රචාරය වෙන්නෙ ඉතාම අඩුවෙන්.කාලය සමඟ අමතක වෙලා යන රසවත් ගීත නැවත රසවිඳින්නට අවස්ථාවක් ලබා ගැනීමයි "සිංහල සිංදු" අපේ බලාපොරොත්තුව.

පත්තිනි දෙවියන් මුල් කරගෙන සිදු කරන කිරි අම්මාවරුන්ගේ දානය සඳහා ආරාධනා ලබන්නේ දරුවන් ලබූ මවු වරු පමණයි. දරුඵළ අහිමි කාන්තාවන් මේ සඳහා ආරාධනා ලබන්නේ නෑ. මේ ගීත්යෙන් කියවෙනෙ එවන් කාන්තාවකගේ වෙදනාබර ප්‍රකාශනයක්. ඇය තමන් හදා වඩා ගන්නා පුතුගෙන් ආයාචනා කර සිටිනවා කිරි අම්මවරුන්ගේ දානයට සහභාගි නොවන්නේ ඇයි දැයි නොඅසන ලෙස.

දස මසක් කුස හොවා  සිට ඔහු මෙලොවට බිහි නොකලත්, ඇඟ ලේ කිරි කර නොපෙවුවත්, නිදි වරමින් කැත කුණු අතගාමින්  තම පුතු දැඩි කල බව ඇය ඉතා ශෝකයෙන් පවසනවා. එමෙන්ම ඇගේ අහිංසක ප්‍රාර්ථනය මීලඟ භවයේ ඇගේම දරුවෙක් ලබීම නොවෙයි. මේ දරුවාටම අම්මා වීමයි.

ගායන ශිල්පිණිය ඉතාම ශෝකී සහ ගැමි හඬක් මේ ගීතය සඳහා මුසු කර ඇති බව අපගේ හැඟීමයි.මේ කරුණු කාරනා සමඟ නැවතත් ගීතය රස විදින්නට අපි ආරාධනා කරනවා.



ගීතය මෙතනින් බාගන්න
(මෙම ලිපිය  "සිංහල සිංදු" වෙත ලියන්නේ ප්‍රියන්ත කරුණාරත්නයි.)