දුක දැනේ පවතින අපායක...........

                                                    



                            ප්‍රේමයේ විරහව සරලම භාෂාවෙන් නිරූපනය කරන නාරද දිසාසේකර සූරීන්ගේ මුලු හදින් මම ඇයට පෙම් කොට ගීතය මාව නැවත වරක් අතීතය දෙසට රැගෙන යන්නට බොහෝ වර සමත් වන්නේය..ප්‍රේම කල ,කරන පෙම්වතා විදින සෝචනීයම අත් දැකීම වන සාතිශය වෙන්ව යාම නොහොත් විරහව සරලම වදන් භාවිතයෙන් හදවතට දැනෙන්නට ප්‍රකාශ කරන අතීතයේ ඇසුනු ගීතයක් වන මෙය මට නම් ඇසෙන වාරයක් පාසා මොහොතක් ගොලු වන සෙයක් දැනේ...ඒ මේ ගීතයෙන් අතීත විරහවන් මොනවට ආවර්ජනය කරන නිසාවෙනි.
                                පියවරෙන් පියවරට ගලාගන යන තනුව මත පෙම්වතාගේ හඩන සිතුවිලි නිරූපනය කර ඇති අපූරුව,……..එදා ග්‍රාමීය පෙම්වතා ජීවත් උන,පෙම් කල පරිසරය පරිසරය,අප දෑස් ඉදිරිපිට මැවෙන්නාක් වැන්න.වර්තමානයේ ජීවත් වන අපව ඒ අතීතයේ ව්දි චමත්කාර ජනක ප්‍රෙමය දෙසට රහසින් තවත් වරක් කැදවමින් එක්තරා ප්‍රමානයකට වරදක්ද අප ලව්වා කරවනු ලබයි.කෙසේ වෙතත් මේ මම ඇසූ හොදම විරහ ගීතයයි.
                           සිංහල ගීත කලාවේ එදා මෙදා තුර බිහිවුන,බිහිවෙමින් පවතින ශබ්ධයෙන් හා අර්ථයෙන් යන දෙයාකාරයෙන්ම පෝශිත වුන ගීත නැවත වරක් සිහියට නගනු වස්,රස වින්දවනු වස් ආරම්භ වුන මේ සිංහල සිංදු බ්ලොග් අඩවියට ආරම්භක ලිපිය යොමුකිරීමට අවස්ථාවක් ලැබීම පිලිබද සතුටු වෙමි. මෙමගින් මතකයෙන් ගිලිහෙමින් පවතින හොද නිර්මාන නැවත වතාවක් රස විදීමේ භාග්‍යය උදා වේවායි ඉත සිතින් ප්‍රාර්ථනය කරමි....


ගීතය මෙතනින් බාගන්න

(මෙම ලිපිය  "සිංහල සිංදු" වෙත ලියන්නේ චින්තක ජයවර්ධනයි.)